January, 21, 2019
එක්සත් ජනපද ඩොලර් මිලියන 4,328.1 ක ආදායමක් මෙරටට පැමිණි සංචාරකයින් හරහා ඉපයීමට හැකිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.
2018 වසර තුළ 2,333,796 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2017 වසරට වඩා 10.3% ක වර්ධනයකි.
මේ හරහා උපයා ඇති ආදායම ඩොලර් මිලියන 4,328.1 ලෙසින් සටහන් වන අතර එය ද පූර්ව වර්ෂයට වඩා 10.3% ක ඉහළ යාමකි.
මෙය ශ්‍රී ලංකා රුපියල් වටිනාකමින් රුපියල් බිලියන 703.4 ක් ලෙසින් වාර්තා වේ. එය 2017 වසරට වඩා 17.6% ක වර්ධනයනකි.

Video Story