ඉතිහාසයේ මුල් වරට ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 200 ඉක්මවා යයි

    April, 8, 2020

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.95 ක් හා විකුණුම් මිල රු. 200.46 ක් ලෙසින් වාර්තා විය.

    මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 198.42 ක් ලෙසින් සටහන් විය.