ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ පදනම කාර්යක්ෂම සන්නිවේදනයයි

    May, 25, 2022

    ඉදිකිරීම් කර්මාන්තය යනු අතිශය සංකීර්ණ කර්මාන්තයකි. ඉදිකිරීම් ව්‍යාපෘතියක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම්, එහි සියලුම අංශයන් අතර කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගනිමින්, අදාළ කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව, නිසි වේලාවට සිදුකළ යුතු වේ. එහෙත් ඉදිකිරීම් කර්මාන්තය තුළ දැනට පවතින විශාල අඩුවක් වන්නේද, කාර්යක්ෂම සන්නිවේදනයක් නොමැති වීම ය. ඇතැම් මහා පරිමාණ ඉදිකිරීම් ස්ථාන වල සන්නිවේදනයක් දුර්වල වීම නිසා කාර්යක්ෂමතාවට මෙන්ම ආරක්ෂාවටද බලපෑම් එල්ල වන අවස්ථා ඇත.

    සාමාන්‍යයෙන් ඉදිකිරීම් ස්ථාන වල සන්නිවේදනය සඳහා භාවිතා වනුයේ push-to-talk (PTT) 2-way රේඩියෝ උපකරණ ය. එහෙත් මේවා භාවිතා කිරීමේදී අභියෝග රාශියක් පැනනගී. මෙම උපකරණ සහ ඒවා භාවිතයට අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා විශාල මුදලක් ආයෝජනය කළ යුතු වන අතර, ඇතැම් විට මෙම උපකරණ සම්බන්ධයෙන් රජය පනවා ඇති සීමාවන්ට යටත් වීමටද සිදු වේ. මේ හේතුවෙන් මෙම සන්නිවේදන උපකරණ භාවිතය සිදුවන්නේ විශාල ආයෝජනයන් සහිතව ක්‍රියාත්මක වන මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති වල පමණි.

    මෙම අඩුව පියවා ගැනීම සඳහා බොහෝ ඉදිකිරීම් ස්ථාන වල ජංගම දුරකථන භාවිතා වේ. එහෙත් ජංගම දුරකථන නිෂ්පාදනය කර ඇත්තේ මෙම අරමුණ සඳහා නොවන බැවින් ඒවා ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා කිරීම දුෂ්කර ය. ඉදිකිරීම් ව්‍යාපෘති වල කළමනාකරුවන්ට හා සේවකයන්ට බොහෝ අවස්ථා වලදී විවිධ පුද්ගලයන්ට ඇමතුම් ලබාගැනීමට සිදුවන බැවින්, ජංගම දුරකථන මාර්ගයෙන් සම්බන්ධීකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම අපහසු වේ. එමෙන්ම බොහෝ ඉදිකිරීම් ස්ථාන ජංගම දුරකථන භාවිතයට සුදුසු නොවන අතර, එවැනි ස්ථාන වලදී ජංගම දුරකථන වලට හානි වීමට ඇති ඉඩකඩ බෙහෙවින් ඉහළ ය.

    Hytera සමාගම විසින් Push-to-talk over Cellular (PoC) උපකරණ එකතුවක් හඳුන්වා දී ඇත්තේ මෙම අඩුපාඩුව පියවාලීමේ අරමුණිනි. සාමාන්‍ය 2G, 3G සහ LTE ජංගම දුරකථන ජාලයන් භාවිතයෙන් මෙම උපකරණ ක්‍රියාත්මක වන නිසා, යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමක් අවශ්‍ය නැත. එමෙන්ම ජංගම දුරකථන සේවාව ඉතාමත් සුළු වියදමක් යටතේ ලබාගත හැකි වේ. සාමාන්‍ය දුරකථන මෙන් නොව, PoC උපකරණ නිෂ්පාදනය කර ඇත්තේ ක්ෂණිකව, සුපැහැදිලිව සියලු පාර්ශ්වයන් අතර සන්නිවේදනය පවත්වා ගැනීමට හැකිවන ආකාරයට ය. එමෙන්ම ඉදිකිරීම් ස්ථාන වල පවතින රළු තත්ත්වයන්ට ඔරොත්තු දීමටද එම උපකරණ වලට හැකියාව ඇත. මීට අමතරව ශබ්ද බහුල ස්ථාන වල පවා හොඳින් ඇසෙන ආකාරයට සන්නිවේදනය සිදුකිරීම සඳහා, මෙම උපකරණ වලට උසස් තත්ත්වයේ ස්පීකර් ඇතුළත් කර තිබේ. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.hytera.com වෙතින් ලබාගත හැකි වේ.

    Hytera හි PoC උපකරණ වල සාර්ථකත්වය නිසා ඒවා මේ වනවිට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම්, ආයතන හා සංවිධාන රාශියක් විසින් භාවිතා කරනු ලබයි. අබුඩාබි පොලීසිය මෙන්ම JSC AK Altynalmas, South African Airways (Pty) Ltd, Vodafone, Expo 2020 Dubai ආදිය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hytera Sri Lanka සාමාන්‍යාධිකාරී කෙවින් සුන් මහතා පෙන්වා දුන්නේ, වඩාත් මධ්‍යගත සන්නිවේදනයක් මෙන්ම ස්ථානය හඳුනා ගැනීම වැනි අරමුණු සඳහා මෙම උපකරණ වලට GPS tracking තාක්ෂණයද ඇතුළත් කර ඇති බවයි. එමෙන්ම ආරෝපණය දිගු වෙලාවක් පවතින බැටරි යොදා තිබීම නිසා එක් ආරෝපණය වාරයකින් අනතුරුව දිගු වෙලාවක් උපකරණය භාවිතා කළ හැකි වීම සහ, ජංගම දුරකථන සේවා සංඥා වලට බාධා පවතින ස්ථාන වල WLAN භාවිතා කළ හැකි වීම, මෙම උපකරණ භාවිතයෙන් ලැබෙන තවත් වාසි දෙකකි.

    Hytera හි PoC උපකරණ අතරින් මාදිලි තුනක්, එනම් PNC 370, 380 සහ 550 යන මාදිලි, මේ වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තේරීම් බවට පත්වී ඇත. මේ සියලු උපකරණ ඉදිකිරීම් කර්මාන්තයේ පවතින දුෂ්කර හා රළු තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිපදවා තිබේ. මේ සියලුම උපකරණ වල, ආරෝපණය දිගු කාලයක් රඳවා ගැනීමට සමත් විශාල බැටරි යොදා ඇත. මෙම උපකරණ භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් තනි පුද්ගලයන් හෝ කණ්ඩායම් සමග සන්නිවේදනය සිදුකළ හැකි වේ. එමෙන්ම hands-free ආකාරයට භාවිතා කිරීම සඳහා මෙම උපකරණ වල Bluetooth තාක්ෂණයද යොදා ඇත.

    PNC 370 යනු MIL-STD-810G (Military grade) සහ IP55 සහතික ලැබූ උපකරණයකි. එහි 3,100mAh බැටරිය නිසා එය එක් පූර්ණ ආරෝපණයකින් පැය 18 ක් දක්වා භාවිතා කිරීමට හැකියාව ලැබේ.

    PNC 380 යනු ඊට වඩා උසස් මට්ටමේ, IP67 ආරක්ෂක සහතිකය සහිත මාදිලියකි. දුහුවිලි ඇතුළු නොවීම සහ ජලය ඇතුළු නොවීම (මීටර් 1 ක ගැඹුරකින් යුත් ජලයේ විනාඩි 30 ක්) සම්බන්ධයෙන් MIL-STD-810G සහතිකකරණය ලබා ඇති මෙම මාදිලියට, මීටර් 1.5 ක උසක සිට සිදුවන වැටීමක් හානියකින් තොරව දරාගැනීමේ හැකියාව ඇත. එහි 4,000mAh බැටරිය 5-5-90 රාජකාරි චක්‍රයක් තුළ පැය 24 ක් දක්වා මෙහෙයුම් කාලයක් ලබාදෙයි. ඝෝෂාකාරී ස්ථාන වලදී හඬ වඩාත් පැහැදිලි ලෙස ග්‍රහණය කරගැනීමට හැකිවීම සඳහා මෙහි මයික්‍රෆෝන දෙකක් යොදා ඇත. එමෙන්ම 4G සජීවී වීඩියෝ හැකියාව සහිත නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මෙමගින් වඩාත් පැහැදිලිව තොරතුරු සන්නිවේදනය කළ හැකි වේ.

    PNC 550  මාදිලියද Hytera හි PoC උපකරණ අතර සුවිශේෂී මාදිලියකි. ජලය හා දුහුවිලි ඇතුළු වීම අවම වීම සම්බන්ධයෙන් IP68 සහ MIL-STD-810G සහතිකකරණයන් ලබා ඇති මෙම මාදිලියට අඟල් 5 HD touchscreen තිරයක් යොදා ඇත. Gorilla Glass තාක්ෂණයෙන් ආරක්‍ෂිත මෙම දර්ශන තිරය, සෘජු හිරු එළිය පවතින පරිසරයකදීද පැහැදිලි දර්ශන ලබාදෙන අතර, තෙත සහිත දෑත් සහ අත්වැසුම් වලින්ද භාවිතා කළ හැකි වේ. මෙහි ශ්‍රව්‍ය හැකියාවන් විශිෂ්ට වන අතර, සුපැහැදිලි ඡායාරූප ලබාදීම සඳහා OIS සහිත 13mp පසුපස කැමරාවක් සහ 8mp ඉදිරිපස කැමරාවක් යොදා ඇත. එමෙන්ම PNC 550 උපාංගය open platform එකක් මත ක්‍රියාත්මක වන නිසා 3rd party applications හාවිතා කළ හැකි වීම තවත් අමතර වාසියකි. විවෘත APIs සමග මෙම පදනම තුළ QR කේත හඳුනා ගැනීම සහ ලියාපදිංචි අංක හඳුනා ගැනීම වැනි අරමුණු සඳහා නව 3rd Party Apps නිර්මාණය කිරීමේ හැකියාව පවතී.

    Hytera හි PoC උපකරණ යනු ඉදිකිරීම් කර්මාන්තයට අඩු වියදමකින් මනා සන්නිවේදන පහසුකම් නිර්මාණය කරගැනීම සඳහා භාවිතයට ගත හැකි අගනා විසඳුම් එකතුවකි. මේ ඔස්සේ මුළු දිවයිනම පමණක් නොව අවශ්‍ය නම් විදේශ රටවල්ද ආවරණය වන ආකාරයට සන්නිවේදන පහසුකම් ගොඩනංවා ගැනීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේදී මිලදී ගතහැකි Hytera PoC රේඩියෝ උපකරණ පිළිබඳ වැඩිදුර තොරතුරු, jia.liu@hytera.com ඊමේල් ලිපිනය ඔස්සේ සින්ඩි ලියු වෙතින් ලබාගත හැකි වේ.