May, 1, 2018
ඉදිකිරීම් සහ පතල් හා කැණීම් ක්රියාකාරකම්වල පසුබෑමත් සමඟ 2017 වසරේ දී කර්මාන්ත ආශ්රිත ක්රියාකාරකම් මන්දගාමී විය. යුද්ධය නිමා වීමෙන් පසු අවධිය තුළ සමස්ත ආර්ථික වර්ධනයට සැලකිය යුකු දායකත්වයක් සැපයූ ඉදිකිරීම් අංශය 2016 වසරේ දී වාර්තා කරන ලද සියයට 8.3 ක වර්ධනය හා සැසඳීමේ දී 2017 වසරේ දී සියයට 3.1 ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී විය.
මේ අතර, පතල් හා කැණීම් කටයුතුවල ද පෙර වසරේ වාර්තා කරන ලද සියයට 14.4 ක ඉහළ වර්ධන වේගයට සාපේක්ෂව 2017 වසරේ දී සියයට 5.9 ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී වීමක් දක්නට ලැබුණි.
විදුලිය, ජලය හා කසළ කළමනාකරණ කටයුතුවල එකතු කළ අගය මත වූ දායකත්වය ද 2016 වසරේ වාර්තා කරන ලද සියයට 10.1 සිට සියයට 3.9 ක් දක්වා සැලකිය යුතු ලෙස පහළ ගියේය. කෙසේ වුවද, මූර්ත ද.දේ.නි. යෙන් සියයට 15.7 ක් පමණ වන නිෂ්පාදන කර්මාන්ත අංශය 2016 වසරේ දී වාර්තා කළ සියයට 3.2 ක වර්ධන වේගය හා සැසඳීමේ දී 2017 වසරේ දී සියයට 3.9 ක්වූ ඉහළ වර්ධනයක් වාර්තා කළේය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද 2017 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Video Story