ඉදිකිරීම් සේවාවලින් ජාතිය ගොඩනැඟීමේ බදු ඉවතට

    June, 20, 2018

    2017 අගෝස්තු 01 දිනට පෙර එළඹ ඇති ඉදිකිරීමේ ගිවිසුම් යටතේ සපයනු ලබන ඉදිකිරීම් සේවා, ජාතිය ගොඩනැගීමේ බද්දෙන් බද්දෙන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    මේ සඳහා අදාළ පනත් සංශෝධනය පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

    විවිධ පාර්ශව විසින් කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඇතැම් බදු ඉවත් කිරීම සුදුසු බවට රජය විසින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව පුද්ගලික සෞඛ්‍ය සේවා සඳහා අදාළ වන වැට් බදු අංශ කිහිපයකින්ම ඉවත් කිරීමට ද රජය මේ වන විට පියවර ගෙන තිබේ.