ඉන්ටර්නැෂනල් සෝසින් එක්ස්ෆෝ – 2016

    September, 12, 2016

    ඉන්ටර්නැෂනල් සෝසින් එක්ස්ෆෝ - 2016 ජාත්‍යන්තර ඇඟලුම් ප්‍රදර්ශනය නොවැම්බර් 15 සිට 17 දා දක්වා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වේ.

    ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ගැණුම්කරුවන් විශාල ප්‍රමාණයක් සැපයුම්කරුවන් හමුවීම සහ භාණ්ඩ ඇනවුම් ලබාදීමට මෙම ප්‍රදර්ශනයට පැමිණෙති.

    මෙම ප්‍රදර්ශනය සඳහා පසුගිය වසරේ ප්‍රදර්ශනකරුවන් 200කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී ඇති අතර 3000කට ආසන්න ගැණුම්කරුවන් ප්‍රමාණයක් රටවල් 20ක් නියෝජනය කරමින් සහභාගි වී ඇත.

    ඔස්ට්‍රේලියාව සමඟ වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීම සහ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන තවදුරටත් වැඩිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවද මෙම ප්‍රදර්ශනයට සහභාගි වේ.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇඟලුම් නිෂ්පාදනකරුවන්, අපනයනකරුවන්ට මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගිවිය හැකි අතර අපනයන සංවර්ධන මණ්ඩලය මගින් වෙළෙඳකුටි පිරිවැයෙන් යම් ප්‍රතිශතයක් දැරීමට ද කටයුතු යොදා ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු www.srilankabusiness.com වෙබ් අඩවියෙන් මෙන් ම දුරකතන අංක 0113 144 616 හෝ 0112 300 705 ඔස්සේද ලබාගත හැකිය.