June, 26, 2017
කුඩා ප්‍රමාණයේ ඉන්දියානු මෝටර් රථ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුක්ත බව කියැවේ. මේ හේතුව මත ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කය මෙම මෝටර් රථ කාණ්ඩය වෙත යොමු වී ඇත.
එසේම ඉන්ධන කාර්යක්ෂමතාවය යන සාධකය මත පමණක්ම පදනම් වී මෝටර් රථයක සිහිනය සැබෑ කරගැනීමට බොහෝ දෙනා අද වන විට යොමුව තිබීම සුලභ තත්ත්වයකි.
ඉන්දීය මෝටර් රථවල මගී සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් විශාල ගැටලු පැන නැගී තිබුණ ද බොහෝ දෙනා මෙවැනි මෝටර් රථ මිල දී ගැනීමට යොමුවන කරුණක් ලෙස ඒවායේ මිල ගණන් සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙන්ම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් වාර්තා කිරීම දැක්විය හැකිය.
පහත දැක්වෙන්නේ වර්තමානයේ දී ඉතා ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගෙන ඇති ඉන්දීය මෝටර් රථ කිහිපයක් සහ සම්මත පරීක්ෂණ තත්ත්ව යටතේ පෙට්‍රල් ලීටරයකට ධාවනය කළ හැකි උපරිම කිලෝමීටර ප්‍රමාණය යි.
Datsun redi-Go 25.17 kmpl

Renault Kwid 25.17 kmpl
![]()
Maruti Suzuki Alto 800 24.7 kmpl

Maruti Suzuki Alto K10 24.07 kmpl

Tata Tiago 23.84 kmpl

Video Story