ඉන්දියානු කාර්මික සම්මේලන ව්‍යාපාරික දූත පිරිසක් සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්

    October, 13, 2026

    ඉන්දියානු කාර්මික සම්මේලනයේ ව්‍යාපාරික දූත පිරිසක් සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර හමුවක් අද (13) පෙරවරුවේ බලශක්ති අමාත්‍යංශයේදි පැවැත්විණි. V.K.C Razak මහතා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය ගත් අතර ඔහු ඉන්දීය ප්‍රමුඛ පෙලේ පාවහන් නිෂ්පාදන සමුහයක ප්‍රධානියා වේ.
    මෙම හමුවේදි පුනර්ජනනීය බලශක්තිය, නිෂ්පාදන සහ කර්මාන්ත, සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂණ සහ උපදේශන සේවා සම්බන්ධ ක්ෂේත්‍රයන්වල පවතින ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් දුත පිරිස විසින් අවධානය යොමු කෙරේණි. මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනිමේදි පුනර්ජනනීය බලශක්තිය ලබාගෙන තිබෙන ප්‍රගතිය, වත්මන් බලශක්ති අවශ්‍යතාවයන් සහ පවතින අභියෝගයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් සිදු කරන ලදී.
    මෙහිදි බලශක්ති ඇතුළු ප්‍රධානතම කර්මාන්ත අංශයන් තුළ පවතින ආයෝජන අවස්ථාවන් සදහා රජය ලබා දී තිබෙන පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමු විය.