ඉන්දියානු ණය ආධාරයෙන් කුරුණෑගල – මහව ද්විත්ව දුම්රිය මාර්ගයක්

    February, 13, 2020

    උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් උදෑසන සහ සවස කාර්යාල දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වීම ඉතා සුලභ තත්ත්වයකි.
    එබැවින්, උතුර බලා ධාවනය වන මගී දුම්රියවල ගමන් කාලය අඩුකර, උතුරු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ සමස්ත ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ඉන්දියානු ණය ආධාර යටතේ ඉතිරිව පවතින අරමුදල් භාවිතා කරමින් කුරුණෑගල සහ මහව අතර දැනට පවතින මාර්ගයට අමතරව, වැඩිදියුණු කළ සංඥා පද්ධතියක් සහිත කිලෝ මීටර 43ක අතිරේක මාර්ගයක් ඉදි කිරීමටත්, අදාළ උපදේශක සේවාවන් සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) සේවය ලබාගැනීමටත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.