ඉන්දියානු ණය ආධාරවලින් ඩොලර් මිලියන 80 ක සුදු සීනි ගෙන්නලා

    June, 8, 2022

    අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය පහසුකම මේ දක්වා උපයෝජනය කර ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කර සිටී.

    මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2022 ජූනි 03 දින වන විට සුදු සීනි ආනයනය සඳහා මෙම ණය මුදලින් ඩොලර් මිලියන 80.2 ක් ආනයනකරුවන් 48 දෙනෙකු අතරේ බෙදා වෙන් කර ඇත.

    සීනි හා රසකැවිලි ආනයනය සඳහා 2021 සමස්ත වර්ෂය පුරාවටම වැය කර ඇති මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 288.8 ක් වන අතර 2020 වසරේ දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 277.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

    තවද 2022 වසරේ ජනවාරි - මාර්තු මුල් මාස 03 තුළ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 66.5 ක් බව මහ බැංකුව සඳහන් කර සිටී.