ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

    November, 12, 2018

    ඉන්දියාවේ ප්‍රමුඛතම දුම්රිය එංජින් හා මැදිරි නිෂ්පාදකයෙකු වන Integral Coach Factory (ICF) විසින් නිෂ්පාදනය කරනු ලැබූ නවතම දුම්රියක් නුදුරේදීම ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය අනාවරණය කර සිටී.

    පැයට කිලෝමීටර 100 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම දුම්රිය, මගීන් 800 කට පමණ එකවර සේවා සැලසිය හැකි එකක් බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

    මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම දුම්රිය මලබැඳීමට හසුනොවන පරිදි මල නොබැඳෙන වානේ අඩංගු තීන්ත වර්ගයකින් පිංතාරු කර තිබීමයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Integral Coach Factory (ICF) හි සාමාන්‍යාධිකාරී Sudhanshu Mani පවසන්නේ මෙම දුම්රිය මැදිරි ජර්මනියේ Linke Hoffman Busche (LHB) දුම්රිය හා සමාන පෙනුමක් ලබා දෙනු ඇති බවයි.

    මෙහි පළමු ඒකකය හෙට (12) දිනයේ දී ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබන බව වාර්තා වන අතර ශ්‍රී ලංකාව මෙවැනි ඒකක 6 ක් ඇණවුම් කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.

    මෙම එක් ඒකකයක් ධාවන එංජින් 2 කින් හා මැදිරි 12 කින් සමන්විත වේ.