ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වත්කම් හෙළිවෙයි

    February, 10, 2016

    ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙසින් හිණිපෙත්තේ වැජඹෙන රාජ්‍යයකි. මේ හේතුව නිසාම එම කර්මාන්තයෙහි නියැලෙන්නෝද ධනයෙන් ආඪ්‍ය වූවෝ වෙති.

    2015 වසර වන විට ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳ අනාවරණයක් මේ වන විට විදෙස් මාධ්‍යයන් විසින් කර තිබේ. ඊට අනුව ඉන්දියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනු ලබන්නේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ය. ඔහු සතු ධනය ඇමරිකානු ඩොලර් මිලියන 115 ක් ලෙසින් අනාවරණය වී ඇත.

    පහත දැක්වෙන්නේ ඉන්දියවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින් 9 දෙනාගේ ලේඛනයයි.
    1. සචින් ඩෙන්ඩුල්කාර් - ඩොලර් මිලියන 115
    2. සව්රව් ගංගුලි - ඩොලර් මිලියන 55.5
    3. මහේන්ද්‍ර සිං දෝණි - ඩොලර් මිලියන 51
    4. විරේන්දු ෂෙවාග් - ඩොලර් මිලියන 45
    5. යුවරාජ් සිං - ඩොලර් මිලියන 35.5
    6. යූසුෆ් පතන් - ඩොලර් මිලියන 26.5
    7. රාහුල් ද්‍රාවිඩ් - ඩොලර් මිලියන 22.6
    8. ගෞතම් ගාම්භීර් - ඩොලර් මිලියන 20
    9. විරාට් කෝලි - ඩොලර් මිලියන 15

    (Photo Source: Associated Press)