ඉන්දියාව අරඹන රුපියල් බිලියන 105 ක, හදිසි ගිලන් රථ සේවාව ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා උත්තර දෙයි -Vedio Interview

    June, 29, 2015

    රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 105 කට ආසන්න ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව සූදානම් වේ.

    ලාභ නොලබන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන මෙම හදිසි ගිලන් රථ සේවය අදියර 04 කින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට ළඟදීම අත්සන් තබන බවයි.