ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟයි. ප්‍රහාරයන්ට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනා ආ යුතුයි – ඉන්දීය අගමැති මෝදි

    April, 21, 2019

    අද (21) උදෑසන කතෝලික දේවස්ථාන 3 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 3 කට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හෙළා දකිමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් තබා තිබේ.

    මෙහිදී ඉන්දීය අගමැතිවරයා අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින බවත් ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටින බවත්ය.

    එසේම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බව ඉන්දියාව අවධාරණය කර සිටින බව එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම ට්විටර් පණිවුඩය ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙන්ම සිංහල මාධ්‍යයෙන්ද සටහන් කර තිබීම විශේෂත්වයකි.