ඉන්දීය එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් – රජයේ ගොඩනැගිලිවලට සූර්ය බලයෙන් විදුලිය. අඩු ආදායම්ලාභීන්ටත් සූර්ය ජනන පද්ධති

    June, 12, 2020

    ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති රාමුව අනුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රනර්ජනනීය බලශක්තිය එක් කරගැනීම සඳහා වන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට අදාළව සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් ඉන්දීය එක්සිම් බැංකුව මාර්ගයෙන් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවල වහල මත සූර්ය බල පද්ධති ස්ථාපනය කිරීම මඟින් එම ආයතන වෙත අවශ්‍ය විදුලිය සලයා දීමට හා මන්නාරම, ත්‍රිකුණාමලය, මොනරාගල, අනුරාධපුරය හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස සඳහා සූර්ය ජනන පද්ධති ලබා දීම මඟින් ඔවුන්ගේ විදුලි අවශ්‍යතා සලසා දීමටත් ප්‍රමුඛතාව ලබා දෙමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.