January, 1, 2020
ඇක්සිස් බෑන්ක් ලිමිටඩ් සහ ICICI බෑන්ක් ලිමිටඩ් හට ශ්‍රී ලංකාවේ සිදු කරන ව්‍යාපාර කටයුතු වසා දැමීමට, අදාළ බැංකුවල මව් සමාගම් විසින් සිදු කළ ඉල්ලීම් මුල් කරගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොන්දේසිවලට යටත්ව අවසර ලබා දී ඇත.
ඒ අනුව මේ වන විට, මෙම බැංකුවලට මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමද ඇතුලත්ව, බැංකු ව්‍යාපාරයේ නිරත වීම සඳහා අවසර නොමැත.
මෙම බැංකු වෙත ලබා දී ඇති බලපත්‍ර, මෙරට ඔවුන්ගේ බැංකු ව්‍යාපාරය වසා දැමීමේ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අවලංගු කිරීමට නියමිතය.
Video Story