ඉන්ධන ආනයන වියදම සියයට 73 කින් වැඩි වෙලා

    October, 23, 2017

    2017 අගෝස්තු මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,021 ක් දක්වා සියයට 23.9 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ඉන්ධන ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 312 ක් දක්වා සියයට 73 කින් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

    පිරිපහදු කරනල ද ඛනිජ තෙල් ආනයන වියදම එක්සත් ජනපද ලෙර් මිලියන 233 ක් දක්වා සියයට 110.9 කින් සැලකිය යුතු ලෙස ඉහළ යෑම ඉන්ධන ආනයන වියදම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත.

    මීට අමතරව, බොරතෙල් ආනයන පරිමාව පහළ ගිය ද, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොරතෙල් මිල ගණන් ඉහළ යෑම පිළිබිඹු කරමින් බොරතෙල් ආනයන වියදම සියයට 12.2 කින් ඉහළ ගියේය.

    මෙහිදී බොරතෙල් බැරලයක් සඳහා වූ සාමාන්‍ය ආනයන මිල 2016 අගෝස්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් 46.71 ට සාපේක්ෂව 2017 අගෝස්තු මාසයේ දී එක්ස්ත ජනපද ඩොලර් 53.07 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද, 2017 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ පිළිබඳව අනාවරණය කර ඇත.