ඉන්ධන ආනයන වියදම සියයට 138 කින් නගී

    May, 29, 2017

    2017 පෙබරවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කරන ලද ඉන්ධන සඳහා කරන ලද වියදම සියයට 138.3 කින් ඉහළ ගොස් ඇතැයි 2017 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විදේශීය අංශය ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

    2017පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් 354.6 ක් වන අතර එය 2016 පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයන වටිනාකම වන ඩොලර් මිලියන 148.8 හා සැසඳීමේ දී සියයට 138.3 කින් ඉහළ ගොස් ඇත.

    මෙහිදී බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 25 සිට ඩොලර් මිලියන 84.2 දක්වා සියයට 237.3 කින් , පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනික වියදම ඩොලර් මිලියන 100.2 සිට ඩොලර් මිලියන 213.8 දක්වා සියයට 113.4 කින් ද, ගල් අඟුරු ආනයන වියදම ඩොලර් මිලියන 23.7 සිට ඩොලර් මිලියන 56.6 දක්වා සියයට 139.1 කින් ද වැඩි වී තිබේ.