ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමේ තීරණයක්

    October, 14, 2019

    2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෝටර් වාහන මත කාබන් බද්ද පනවා තිබේ. වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව තීරණය වන නමුත්, මහජනයාගෙන් ලැබුණු ඉල්ලීම්, ක්ෂේත්‍රයේ නිපුණයින්ගේ නිරීක්ෂණ සහ ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන් එය ක්‍රියාත්මක කිරීමේ ඇති අසීරුතා සලකා බලා මෙම පදනම වෙනස් කිරීමට තීරණය කර ඇත.
    ඒ අනුව, මුදල් අමාත්‍යවරයා විසින් නිශ්චිත ව දක්වන ආකාරයකට සහ අනුපාතයකට ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන, මුදල් පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේදී හඳුන්වා දිය හැකි වන පරිදි කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.