July, 20, 2022
2022 ජූලි 16 වැනි දින ඉන්ධන බලපත්රය සඳහා පද්ධතියේ ලියාපදිංචි වන අවස්ථාවේදී දෝෂ පණිවුඩ ලැබුණු අදාළ පුද්ගලයන් වෙත කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඒ බව දැනුම් දී ඇති බවත් එම කෙටි පණිවුඩය ලැබුණු අය පමණක් පද්ධතියේ නැවත ලියාපදිංචි විය යුතු බවත් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දී සිටී.
අද වන විට QR කේත මිලියන 2කට අධික ප්රමාණයක් නිකුත් කර ඇති අතර ඉහත ආකාරයෙන් SMS පණිවුඩ යවා ඇත්තේ පුද්ගලයන් 4,000කට පමණක් බවත්, එබැවින් කෙටි පණිවුඩය ලැබුණු අය පමණක් පද්ධතියේ නැවත ලියාපදිංචි විය යුතු බවත් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story