ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල හෝටලයක් කෙරේ

    March, 14, 2014

    කොළඹ කෙලින් වීදියේ පිහිටි ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල නවීකරණය කර නාගරික සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරන හෝටලයක් ලෙස ලබන වසරේ අවසාන කාලයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම හෝටලය කාමර 70 කින් පමණ සමන්විත වන ලෙස ඉදිකරගෙන යන බවයි.

    “මෙම ගොඩනැගිල්ල අපි පවරා ගන්නා විට ගොඩනැගිල්ල තුළ අඩි තුනක් පමණ මුහුදු ජලය තිබුණා. ගොඩනැගිල්ල තිබුණේ බොහෝම අබලන් වෙලා. මේ වනවිට, අපි මෙහි නවීකරණ කටයුතු කරගෙන යනවා.“

    මෙම ගොඩනැගිල්ල අයත්ව තිබූ භාරය වෙනුවෙන් ලබාදිය යුතු වන්දි මුදල් ගෙවීමට අදාළ කටයුතු මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකරමින් තිබෙන බවද සභාපතිවරයා පැවසීය.