ඉල්ලුම අඩුවීම නිසා අපේ තේ මිල වැටෙන ලකුණු

    March, 24, 2014

    ලෝක වෙළඳ පොළේ මේ දිනවල තේ සඳහා තිබෙන ඉල්ලුම අඩුවීම නිසා මෙරට උඩරට හා පහත රට තේ සඳහා තිබෙන ඉල්ලුමද අඩුවී තිබෙන බවත් එය තේ මිල පහළ යාමට හේතුවනු ඇති බවත් අනාවරණය වේ.

    අප සමග අදහස් දක්වමින් ඒෂියා සියක තේ තැරැව්කාර සමාගමේ සභාපති අනිල් කුක් මහතා පැවසුවේ මේ ආකාරයෙන් තේ මිල ගණන් අඩු වුවත් තවමත් මෙරට තේ සඳහා ලැබෙන්නේ හොඳ මිලක් බවයි.

    “ඉරානයේ උත්සව සමය සඳහා පසුගිය කාලයේදී විශාල වශයෙන් තේ මිලදී ගත්තා. මේ වනවිට එම ප්‍රමාණය අඩුවී තිබෙනවා. මෙරට තේ සඳහා මේ දිනවල ඉල්ලුම අඩුවීම සඳහා එයත් ප්‍රධාන හේතුවක්.“

    යනුවෙන් අනිල් කුක් මහතා සඳහන් කළේය.

    මේ වනවිට, පවතින නියඟය හේතුවෙන් මෙරට උඩරට හා පහත රට තේ නිෂ්පාදනයද අඩුවී තිබේ.