May, 2, 2018
ජපානයේ ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන Future science research incorporation ආයතනයේ සභාපති අකිහිකෝ මත්සුමුරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි ජපන් දූත පිරිසක් ඊයේ (01) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණගැසුණි.
තාක්ෂණයෙන් ඉහළ පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.
මෙම දූත පිරිස සමග ජපානයේ අග්‍රාමාත්‍යතුමාගේ උපදේශක, ජපානයේ අමාත්‍ය මණ්ඩලයේ විශේෂ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පක්ෂ නායකයෙකු වන අරඉ නිරොයුකි මහතාද ජපානයේ අග්‍රාමාත්‍ය සුපිරි උපදේශක කුතියෝ කුබෝටා මහතා සහ ජපානයේ අග්‍රාමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් හිරෝෂි ලිසුකා මහතාද පැමිණියෝය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා Future science research incorporation ආයතනයේ සභාපති අකිහිකෝ මත්සුමුරා මහතා හමු වූ අවස්ථාව
Video Story