ඉ-ස්වාභිමානී2019 නාම යෝජනා බාර ගැනීම ඇරඹෙයි

    June, 18, 2019

    සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2019 ඉ-ස්වාභිමානී සම්මාන ප්ර දානය සදහා නාමයෝජනා බාර ගැනේ.

    මෙම ජුලි මස 5 දා දක්වා නාමයෝජනා බාර ගැනීම සිදු කරන බව ශ්රිු ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
    මෙවර සම්මාන ප්රකදානෝත්සවය පැවැත්වෙන්නේ 9වන වතාවට වන අතර ශ්රි‍ ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂාණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.

    රාජ්යර හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්යා හා සුභසාධනය ,ඉගෙනුම හා අධ්යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය සංචාරක ව්යා පාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්යා පාර හා වානිජ්යච,අන්තර්ග්රුහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා බාර ගැනේ.

    මෙම සම්මාන ප්රනදානයට පාත්රනවන නිර්මාණකරුවන්ට ජාත්ය න්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්රාදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.

    ඩිජිටල් ශ්රී ලංකාවක් ඉදිරි දැක්ම යථාර්තයක් කර ගැනීම සදහා අවශ්යනය කෙරෙන මානව සම්පත සුදානම් කර ගැනීම සදහා ජාතික මට්ටමින් මෙවැනි සම්මාන ප්රඅදානෝත්සවයක් පැවැත්වීම මහගු රුකුලක් වන බව ශ්රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂයණ නියෝජිතායතනය පවසයි.

    ජාතික හා ජාත්යවන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණයන් විනිශ්චය කරන අතර මේ වන විට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ විශාල උනන්දුවක් පවතින බවද නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.

    www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර දැන ගතහැකි වේ.