ඊයේ අවසන් වූ සංවර්ධන බැඳුම්කර නිකුතුවේ තතු මෙන්න

    March, 15, 2017

    ඩොලර් මිලියන 973 ක බැඳුම්කර විකුණයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 830 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් පසුගිය දා කැඳවනු ලැබීය.

    මෙම වෙන්දේසිය 2017 මාර්තු 08 -14 කාලය තුළ ලංසු සඳහා විවෘතව පැවති අතර වසර 1,2,3 හා 5 යන පරිණත කාල 4 කින් යුතු බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරිණි.

    මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ ලංසු අතරින් ඩොලර් මිලියන 973.25 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    මෙම වෙන්දේසිය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.