July, 12, 2022
ඊයේ (11) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර කාණ්ඩ දෙකක් යටතේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
වෙන්දේසීය සඳහා රුපියල් මිලියන 70,000ක බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණද, ලංසු පිළිගෙන ඇත්තේ රුපියල් මිලියන 43,548ක් පමණි.
17.00% 2025 , 'A' යන භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩය යටතේ වෙන්දේසීයට සහභාගී වූවන් විසින් ඉදිරිපත් කළ ලංසු වල ඵලදා අනුපාතික සැලකිය යුතු ඉහළ පරාසයක පැවතීම හේතුවෙන් වෙන්දේසීයට ඉදිරිපත් කළ වටිනාකම වන රුපියල් මිලියන 30,000ට සාපේක්ෂව, රුපියල් මිලියන 3,548ක් පමණ පිළිගනු ලැබිණි.
මෙහිදී එක් ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් 40%ක් ඉක්ම වූ පොලී අනුපාතිකයක් ද ලංසු වශයෙන් ඉදිරිපත් කර තිබුණි.
වෙන්දේසීයට සහභාගීවූ ආයතන විසින් ඉහත භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩය යටතේ ඉදිරිපත් තරන ලද ලංසු වල බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පහත පරිදි වේ.

Video Story