උතුරු අධිවේගියට චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් එන හැඩ

    March, 8, 2014

    මේ වසරේ වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන උතුරු අධිවේගී මාර්ගයේ මුල් අදියර සඳහා ආයෝජනය කිරීමට චයිනා මර්චන්ට් හොල්ඩින්ග්ස් සමාගම සම්බන්ධ කර ගැනීමට රජය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සිටින බව අනාවරණය වේ.

    මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර් ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා අප සමග සඳහන් කළේ ගම්පහ එඬේරමුල්ලේ සිට දඹුල්ල දක්වා කිලෝ මීටර් 151 කින් සමන්විත මෙම කොටස ඉදිකිරීම සඳහා මුදල් යෙදවීමට චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගම කැඳවා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි.

    “මෙම කොටස ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 2.5 ක පමණ මුදලක් වැය වෙනවා. අපි මේ වනවිට, සාකච්ඡා කරන්නේ එම මුදල් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගමෙන් රැස්කර ගන්නයි. මෙම සමාගම මේ වනවිට කොළඹ දකුණු වරයේ නව බහාලුම් පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියටත් සම්බන්ධ වී තිබෙනවා.“ යනුවෙන් පේමසිරි මහතා පැවසීය.

    රජය සාකච්ඡා පවත්වන්නේ ගොඩනැගීම, මෙහෙවීම සහ නැවත පැවරීම (BOT) යන පදනම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාගැනීම සඳහායි. උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රජය විසින් උතුරු- නැගෙනහිර (කොළඹ - නුවර) අධිවේගී මාර්ගය ලෙස නම්කර තිබෙන අතර එය  ඉදිවෙමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයට කඩවතදී සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates