උද්ඝෝෂණ සඳහා විශේෂ තැනක් වෙන්කරයි

    February, 5, 2020

    නිරන්තරයෙන් කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් අතිවිශාල ජනතාවක් අපහසුතාවයට පත්වීම පසුගිය වකවානුව පුරාවට දැකිය හැකි සුලභ දසුනක් විය. කොළඹ ලෝටස් පාර, ගාලුමුවදොර, පුරහල ලිප්ටන් වටරවුම වැනි අතිශයින් ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම දැකිය හැකිවේ.

    මේ තත්ත්වය තුළ සිදුකෙරන මාර්ග වසාදැමීම්, උද්ඝෝෂකයින් පළවා හැරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කිරීම් වැනි අවස්ථාවල දී උද්ඝෝෂකයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවද ඒවායේ ගොදුරු බවට පත්වන අවස්ථා එමටය.

    කෙසේ වෙතත් අද (05) උදෑසන කොළඹ ගාලුමුවදොර පිටියට යාබද ස්ථානයක ‘උද්ඝෝෂණ ස්ථානය‘ ලෙසින් නම් කරනු ලැබූ පුවරුවක් අද දෙරණ කැමරා කාචයට හසුව තිබුණු ආකාරය ඉහතින් දැක්වේ.