උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළට

    November, 1, 2021

    කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේදී සියයට 7.6 දක්වා ඉහළ යන ලදී

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 ඔක්තෝබර්  මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 12.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.8හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 4.5හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.8 දක්වා ඉහළ ගියේය.