එක්ස්පෝලංකා 30% ක කොටස් ජපාන සමාගමකට

    May, 9, 2014

    එක්පෝලංකා හෝල්ඩින්ග්ස් සමාගමේ සියයට 30 ක කොටස් ජපානයේ S.G. Holdings Global Pte.Ltd සමාගම විසින් අද  පෙරවරුවේදී මිලදී ගත්තේය.

    මෙහිදී, ජපාන සමාගම විසින් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් හි, සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 586.4 ක් මිලදීගෙන ඇත.

    අනාවරණය වන ආකාරයට ජපානයේ S.G. Holdings Global Pte.Ltd සමාගම විසින් එක්ස්පෝලංකා සමාගමේ කොටස් ප්‍රමාණය සියයට 51 ක් දක්වා මිලදී ගැනීමේ කැමැත්තකින් පසුවේ.

    අවුරුදු 34 ක් පැරණි එක්ස්පෝලංකා හොඳින් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයකි.