එන්ට්‍රස්ට් හිටපු MD රිමාන්ඩ්

    September, 14, 2016

    එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ චානුක රත්වත්තේ ඇතුළු 5 දෙනෙකු සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අද දින නියෝග කළාය. රුපියල් බිලියන 4.2 ක රාජ්‍ය අරමුදල් අවභාවිතය මොවුන් වෙත එල්ල වී ඇති චෝදනාවයි.

    පසුගිය දා පැවතිමාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමක දී මහ බැංකු අධිපතිවරයා එන්ට්‍රස්ට් සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සමාගමේ ප්‍රධාන පෙළේ කොටස්කරුවන් කිහිපදෙනෙකුගේ ම වත්කම් මේ වන විට අවුරා (freeze) ඇති බවයි.