එමිරේට්ස් නිදහස් දිනය වෙනුවෙන් ශ‍්‍රී ලාංකිකයින්ට සුබපතයි

    February, 5, 2020

    ශ‍්‍රී ලංකාවේ 72 වන නිදහස් උත්සවය නිමිත්තෙන් එමිරේට්ස් ගුවන් සමාගම Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සිය සුභ පැතුම් ශ‍්‍රී ලංකාවටත් එහි ජනතාවටත් එක්කර තිබේ.

    එමිරේට්ස් නිළධාරියෙක් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ A380 ගුවන් යානයක් ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික ධජ ඔසවා සිටින විචිත‍්‍රවත් ඡායාරූපයක් සහිතව නිර්මාණය කර තිබෙන Facebook පෝස්ට් එක මගින් නිදහස් දිනය වෙනුවෙන් ශ‍්‍රී ලාංකිකයින්ට සුබ පතා ඇත. ‘ශ‍්‍රී ලංකාව නිදහස භුක්ති විඳි අවුරුදු 72 අතුරින් අවුරුදු 34 ක්ම එමිරේට්ස් ගුවන් සේවය මෙම සුන්දර දුපත ලෝකය සමග ඒකාබද්ධ කිරීමට සහයෝගය ලබාදී තිබේ. අපි ඒ සෑම මිනිත්තුවක්ම සිහිපත් කරන්නේ ආදරයෙනි,’ යනුවෙන් මෙම Facebook පෝස්ටුවේ සඳහන් කර ඇත. ‘සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ප‍්‍රීතිමත් නිදහස් දිනයක් වේවායි අපි ප‍්‍රාර්ථනා කරනවා’ යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

    වර්තමානය වනවිට ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් සිය සිව්වන විදෙස් ගමනාන්තය ලෙස 1986 අපේ‍්‍රල් 01 වනදා කොළඹට පියාසර කිරීම ඇරඹීය. මේ වනවිට, කොළඹ සිට ඩුබායි දක්වා දිනකට ගුවන් ගමන්වාර 04 ක් පවත්වාගෙන යමින් එමිරේට්ස් මහාද්වීප 06 ක ගමනාන්ත 159 ක් සඳහා ප‍්‍රවේශවීමේ පහසුව සපයයි. ශ‍්‍රී ලංකාව ගුවනින් සිදුකරන අපනයන වලින් 20%ක් එමිරේට්ස් විසින් ප‍්‍රවාහනය කරන අතර ශ‍්‍රී ලාංකිකයින් 1,300 කට ආසන්න සංඛ්‍යාවක් සමාගමේ මේ වනවිට සේවය කරයි.

     

    සේයාරු සටහන - 2020 පෙබරවාරි 03 වන දින පස්වරු 5.45 ට එමිරේට්ස් Facebook සටහන