එමිරේට්ස් වෙතින් ඩුබායි හි, සුඛෝපභෝගී හෝටල්වල නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව

    February, 17, 2020

    පෙබරවාරි 24 වනදා දක්වා වෙන්කර ගන්නා ටිකට්පත් වෙනුවෙන් පෙබරවාරි 20 වනදා සිට 31 වනදා දක්වා සුඛෝපභෝගී හෝටල්වල නොමිලේ රාත‍්‍රී දෙකක නවාතැන්

    කොළඹ සිට යුරෝපය, ඇමරිකාව හෝ අප‍්‍රිකාවට එමිරේට්ස් ගුවන් සේවයෙන් පියාසර කරන මගීන්ට නොමිලේ ඩුබායි හි, සුඛෝපභෝගී හෝටල්වල රාත‍්‍රී දෙකක් නවාතැන් ගැනීමේ අවස්ථාව එමිරේට්ස් විසින් ලබාදීමට තීරණය කර තිබේ.

    මේ අනුව, සම්මානනීය එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර තිබෙන්නේ 2020 පෙබරවාරි 11 වනදා සිට පෙබරවාරි 24 වනදා දක්වා මිලදීගන්නා ඉකොනොමි, ව්‍යාපාරික සහ පළමු පන්තියේ ටිකට් පත් සඳහා ඩුබායි හරහා ගමන් කිරීමේදී 2020 පෙබරවාරි 20 වනදා සිට මාර්තු 31 වනදා දක්වා මෙම දීමනාව ලබාදීමටයි.

    මෙම දීමනාව වඩාත් ආකර්ශනීය කරමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආගමන අනුමැතීන්ට යටත්ව ඩුබායි හි, විවේකය ගත කිරීමට පැය 96 ක වීසා මෙම කාලයේ ලබාගන්නා ගුවන් ටිකට් පත් සඳහා නොමිලේ ලබාදෙන බව එමිරේට්ස් ගුවන් සේවය සඳහන් කරයි.

    හෝටල් දීමනාව ලබාදීම සඳහා එමිරේට්ස් ගුවන් සේවය ඩුබායි හි, තරු පහ පන්තියේ හෝටල් වන Emaar Hospitality සමූහයට අයත් Address Sky View, Address Fountain Views සහ Rove Hotels සමග සම්බන්ධ වී ඇති අතර මෙම හෝටල් සමූහයට Rove Healthcare City සහ Rove City Centre අයත් වේ.

    මෙම දීමනාව යටතේ ඉකොනොමි පන්තියේ ගුවන් මගීන්ට Rove hotel හි, හෝටලයක හෝ එයට සමාන හෝටලයක කාමරය පමණක් ලබාදීමේ පදනම මත රාත‍්‍රී දෙකක් නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව ලබාදෙනු ඇත. මීට අමතරව, පළමු, ව්‍යාපාරික හෝ මිශ‍්‍ර පන්තවල ගුවන් මගීන්ට Address Sky View, Address Fountain Views හෝ එයට සමාන හෝටලයක කාමරය පමණක් ලබාදීමේ පදනම මත නොමිලේ රාත‍්‍රී දෙකක් ගත කිරීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබේ. මෙම දීමනාව මගින් බදු සහ සංචාරක ඩිර්හම් ගාස්තුවද ආවරණය වේ.

    ‘විශාල මුදලක් ඉතිරි කරගෙන ඩුබායි නැරඹීම සඳහා මෙය කදිම අවස්ථාවක්’ යනුවෙන් මෙම දීමනාව පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය. ‘මෙම දීමනාව සමග ඒකාබද්ධ වී සිටින්නේ ඉතාමත් සුවිශේෂී හෝටල් ගොන්නක්. මෙම හෝටල්වල සිට ඉතාමත් පහසුවෙන් ඩුබායි හි ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ස්ථාන වලට ගමන් කරන්න පුළුවන්. මෙම හෝටලයක නවාතැන් ගැනීමට අවස්ථාව ලබාදීම සුඛෝපභෝගී එමිරේට්ස් ගුවන් සේවය මගින් ලැබෙන කදිම තෑග්ගක්.’

    මෙහිදී, පළමු පන්තියේ සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට ඩුබායි හිදී සිදුකරන සංචාරය වඩාත් පහසු කිරීම සඳහා ගුවන් තොටුපොළ සිට හෝටලයට යෑම සඳහා එමිරේට්ස් chauffeur drive පහසුකම ලබාදෙයි.

    1986 අපේ‍්‍රල් සිට ශ‍්‍රී ලංකාවේ තම සේවා කටයුතු පවත්වාගෙන යන එමිරේට්ස් ගුවන් සේවය වර්තමානයේ කොළඹ සිට ඩුබායි දක්වා දිනකට ගුවන් ගමන්වාර 04 ක් පවත්වාගෙන යන අතර සෑම ගුවන් ගමනකදීම අතිවිශිෂ්ට අත්දැකීමක් මගීන්ට ලබාදෙයි. එයාර්බස් A380 ගුවන් යානා සහ බොයින්ග් 777 ගුවන් යානා වලින් සමන්විත ලෝකයේ විශාලතම ගුවන් යානා ඇණිය එමිරේට්ස් විසින් නිරන්තරයෙන් අළුත් කරමින් සිටී.

    සියලූම පන්තිවල මගීන් සඳහා එමිරේට්ස් ජාත්‍යන්තර ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙතින් සුහදශීලි සේවාවක්ද රසඥතාවයෙන් යුත් සූපවේදීන් වෙතින් පිරිනැමෙන දිවපිනන ආහාර වර්ග රැසක්ද, සිංහල සහ දමිළ චිත‍්‍රපට, සංගීත වැඩසටහන් ඇතුළුව නාලිකා 4500 කින් සමන්විත ගුවන්සේවයේ සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතිය අත්විදීමේ අවස්ථාව පිරිනැමේ.

    මෙම දීමනාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම හෝ ගුවන් ගමන් වෙන්කර ගැනීම සඳහා www.emirates.com/lk වෙබ් අඩවියට පිවිසෙන්න. නැතිනම් 4704070 අංකයට කතා කරන්න.