එයාර්ටෙල් ලංකා 2020 විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත වූ එකම දුරකතන සන්නිවේදකයා බවට පත් වෙයි

    November, 9, 2020


    ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා Great Place to Work ආයතනය විසින් සිව්වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත කර ඇත.

    මෙම ඇගයීම පිළිබඳ අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘අවසානයේදී සංස්කෘතියට ජීවය ලබා දෙන්නේත් එම සංස්කෘතිය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නෙත් මිනිසුන්. එබැවින්, අපගේ මෙම අඛණ්ඩ සාර්ථකත්වය සැබවින්ම, ඔවුන් කරන දේ හා සහයෝගයෙන් වැඩ කිරීම තුළින් ඔවුන් ඇති කර ගනු ලබන සබඳතා පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ශක්තිමත් කණ්ඩායම්වල ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි.’’

    විශේෂයෙන් කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ, ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා සමාගම සතු තාක්ෂණය හා සංවිධානය වීමේදී ඇති කඩිසර බව උපයෝගී කර ගනිමින් ‘නව සාමාන්‍ය’ තත්වයට ගැලපෙන පරිදි මෙහෙයුම් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අභියෝගය සේවකයින් භාර ගැනීම නිසා එයාර්ටෙල් හි කටයුතු වේගවත් විය. මෙම කාලීන වෙනස් වීම බාධාවකින් තොර පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කළා පමණක් නොව සේවා ස්ථානයේ විසඳුම් විශාල ප‍්‍රමාණයක් සඳහා ද පහසුකම් සපයනු ලැබීය.

    තවද, මෙම කොවිඞ් තත්වය මත සමාගම තුළ ඇති සියලූ අංශ අතර අන්තර් සබඳතා කටයුතු මාර්ගගත වේදිකා සහ තාක්ෂණය මත පදනම් වූ මානව සම්පත් විසඳුම් ඔස්සේ ක‍්‍රියාත්මක විය. බඳවා ගැනීමේ කි‍්‍රයාවලියේ සිට මාර්ගගත ක‍්‍රමවේදය (online) ඔස්සේ සිදු කෙරෙන වැඩ කටයුතු, job engagement, සන්නිවේදනය, නිපුණතා සංවර්ධන වැඩසටහන් ආදිය දක්වා, කරදරයකින් තොරව කාර්යක්ෂම සේවා අත්දැකීමක් ලබා දීමට පහසුකම් සැලසීම සඳහා එයාර්ටෙල් සමාගම සිය තාක්ෂණික හා ගෝලීය හොඳම භාවිතයන් වැඩි දියුණු කර ඇත.

    තවද, Great Place to Work ඇගයුම විසින් එයාර්ටෙල් සමාගම ඉහළ ස්ථානයක ශ්‍රේණිගත කිරීම මගින් සහයෝගීතාවය වර්ධනය කරමින් නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනයන් දිරිගැන්වීම සඳහා නිර්මාණය කර ඇති නම්‍යශීලී නීතිරීති තුළින් වඩාත් සාර්ථක සේවා අත්දැකීම් ලබා දී වැඩ කිරීමට සුදුසු කාර්යාලීය පරිසරයක් නිර්මාණය කිරීමට එම සමාගම දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.

    ජාතිය, ආගම, ස්ත‍්‍රී පුරුෂ භාවය නොසලකා විවිධත්වයට ගරු කරන හා සමාන අවස්ථාවන් ප‍්‍රවර්ධනය කරන සංස්කෘතියක් එයාර්ටෙල් විසින් පිළිගෙන ඇත. කාන්තාවන් සඳහා සේවය කළ හැකි හොඳම සේවා ස්ථාන අධ්‍යයනය කිරීමේ සමාරම්භක වැඩසටහනේදී ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා සේවය කළ හැකි හොඳම සේවා ස්ථාන 10 අතරට පැමිණීමට ද එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී තිබීම විශේෂත්වයකි.

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පුහුණුව ලබා දීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම ලංකා සේව්‍ය සම්මේලනය සමඟ සමීපව කටයුතු කරන අතර එම පුහුණුවන්නන්ගේ විශේෂිත හැකියාවන් මත පදනම්ව සමාගම තුළ ඔවුන්ගේ පුහුණු කාල සීමාව දීර්ඝ කර ගැනීමටත් සමාගම තුළ ස්ථිර රැකියා අවස්ථාවන් සඳහා යොමු විමටත් ඔවුන්ට අවස්ථාව ඇත. තවද, සියලූම සේවක ප‍්‍රතිලාභ තෙවන පාර්ශ්වීය සේවක කණ්ඩායමක් වෙත ව්‍යාප්ත වන අතර එමඟින් ආයතනය තුළ පුද්ගලයෙකුගේ ස්වේච්ඡුා කැපවීම ප‍්‍රවර්ධනය කරමින් එයාර්ටෙල් සමාගම විශිෂ්ට සේවා ස්ථානයක් බවට පත් කර ඇත.

    වාර්ෂිකව ස්වාධීන නිර්නාමික කණ්ඩායමක් මගින් සිදු කරන සමීක්ෂණයකින් පසුව Great Place to Work ආයතනය විසින් සිය ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි.

     

    Great Place to Work ආයතනයේ මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇත. එම ආයතනය ඉහළ විශ්වාසය සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයීම සඳහා ගෝලීය වශයෙන් නායකත්වය ලබා සිටී. විශිෂ්ට සේවා ස්ථාන දර්ශක සහ සේවා ස්ථාන සමාලෝචන ඇතුළුව හිමිකාර ඇගයුම් මෙවලම්, උපදේශන සේවාවන් සහ සහතිකරණ වැඩසටහන් ඔස්සේ Great Place to Work විසින් තිරසාර සහ පිළිගැනීමට ලක්වන සේවා ස්ථාන සංස්කෘතීන් පිළිබඳ ප‍්‍රමිතීන්, ආකෘතීන් සහ විශේෂඳතාවන් ආදිය ලබා දේ. තවද, එය ශ‍්‍රී ලංකාව ඇතුළුව මහාද්වීප පහක් පුරා රටවල් 57 කට අධික සංඛ්‍යාවක ව්‍යාපාර, ලාභ නොලබන සහ රාජ්‍ය ආයතන සඳහා විධායක මට්ටමේ උපදේශන හා සංස්කෘතික උපදේශන සේවා ද සපයයි.