September, 23, 2019
එලිෂියන් රියැලිටි සමාගම මඟින් සංවර්ධනය කර ගොඩ නගමින් පවතින එලිෂියන් මිරිස්ස ව්‍යාපෘතිය , දැනට මිරිස්ස ප්‍රදේශයේ ඉදි කරමින් පවතින එකම සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ලෙස නම් දරා සිටිනුයේ ව්‍යාපෘති හවුල්කරුවන්ගේ දක්ෂතාවය සහ අවම සැලසුම් ගෘහ නිර්මාණ ශිල්පය ,දේශගුණික / කාලගුණ ආරක්ෂණ යාන්ත්‍රණ වලින් පරිපූර්ණ වූ ප්රශස්ත ව්‍යුහයක් සහතික කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම යන විවිධ සාධක හේතුවෙනි.
මිරිස්ස වෙරළ තීරයේ ඉදි වෙමින් පවතින ප්‍රථම සුඛෝපභෝගී (Luxury) මහල් නිවාස සංකීර්ණය වන එලිෂියන් මිරිස්ස , වෙරළ සීමාවේ සිට මීටර් 25ක දුරින් පිහිටා ඇති අතර , මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ කටයුතු සියල්ලක්ම පාහේ ක්ෂේත්රයේ දැවන්තයින් අතින් ඉටු වීම සුවිශේෂී වේ. ගෘහ නිර්මාණ ක්ෂේත්රයේ ප්‍රමුඛයින් වන (Milroy Perera Associates) ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉහළම නමක් දරා ගෙන සිටින Weerasooriya Builders (Pvt) Ltd හා ව්‍යුහාත්මක සැලසුම් හා වාස්තු නිර්මාණකරුවන් වන Design & Structural Consortium (Pvt) Ltd මෙම ඉදිකිරීමේ සාර්ථකත්වයට, ගුණාත්මකභාවයට හා වාස්තු විද්‍යාත්මක නිමාවට උරදුන් සමාගම් අතර ප්‍රධාන වේ.
Design & Structural Consortium හි කලමනාකරණ අධ්‍යක්ෂක වන නුවන් සේනක වනිගරත්න මහතා මිරිස්ස වෙරළ තීරයේ ඉදි කරන ලද මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳ සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය. ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක සැලසුම් හවුල්කරුවන් වශයෙන්, අප මුල සිටම මෙම ව්‍යාපෘතිය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර එලීෂියන් මිරිස්ස ව්‍යාපෘතිය වඩාත් ශක්තිමත් කිරිම සඳහා අප ඉහළම ගණයේ දැනුම මෙන්ම උසස්ම තත්වයේ අමු ද්‍රව්‍ය නිර්දේශ කර ඇත. එමෙන්ම එම සියළුම අමුද්‍රව්‍ය අප ආයතනය මඟින් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව අනුමත කරන ලදී. වෙරළබඩ ගොඩනැගිලි ඉදි කිරීම් පිළිබඳ අප සතු හසළ දැනුම භාවිතා කරමින් ඉහළ මට්ටමේ ව්‍යුහාත්මක මෘදුකාංග භාවිතයෙන් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට දායක වීම පිළිබඳ අප සතුටු වෙනවා.
වනිගරත්න මහතා 1996 වර්ෂයේදී, ඉදිකිරීම් ක්ෂේත්රයේ සිය කීර්තිමත් වෘත්තිය ආරම්භ කළ අතර NCD Consultants සහ Maga Engineering හි ප්‍රධාන(structural) ඉංජිනේරු ලෙස හෙතෙම සිය දක්ෂතා එළි දැක්වූවේය.
එලිෂියන් මිරිස්ස, ඉන්දියන් සාගරයට මුහුණලා පිහිටීම හා වෙරළබඩ පිහිටීම නිසාම මුල සිටම එහි නිර්මාණයේදී ව්‍යුහාත්මක සැලසුම, ආරක්ෂාව, උපද්‍රවවලට මුහුණ දීමට සහ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා ඔරොත්තු දෙන පරිදි ප්‍රශස්තිකරණය කර ඇත.ව්‍යුහාත්මක සැලසුම් කිරීමේදී බාධාවකින් තොරව එහි සුන්දරත්වය රැකගන්නා අතරතුර ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිළිබඳවද සහතික වෙමින් කොන්ක්‍රීට් ස්කන්ධය අඩු කිරීමට ඉඩ සලසන විශාල විෂ්කම්භයකින් යුත් තනි කුළුණු සහ සරල මෝස්තර භාවිතා කිරීම, ප්‍රියමනාප හැඩයක් ඉස්මතු වෙන පරිදි නිමවූ පූර්ව ආතතියෙන් යුත් හා පශ්චාත් ආතති කොන්ක්‍රීට් ස්ලැබ් භාවිතය වැනි පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
Design & Structural Consortium සමාගම වනිගරත්න මහතාගේ විෂය පථය යටතේ 2015 දී ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මහල් ගොඩනැගිලි සඳහා ව්‍යුහාත්මක සැලසුම් සන්නාමයේ අංක එකේ සමාගමක් [01] බවට පත්ව ඇති අතර එම සමාගම මේ වන විට මොරටු විශ්ව විද්‍යාලය හා සිංගප්පූරුවේ Meinhardt Group සමඟ එකඟතා ගිවිසුමකට පිවිස ඇත. ඊට අමතරව මෙම සමාගම මහාචාර්ය එම්.ටී.ආර්. ජයසිංහ හා බී.එල් තෙන්නකෝන් යන ප්‍රවීණයින් සමඟද සමීපව කටයුතු කරන බවට සේනක වනිගරත්න මහතා පවසයි..
Design & Structural Consortium සමාගම මේ වන විටත් ශ්‍රී ලංකාව අවට ඇති සුවිශේෂී ව්‍යාපෘති කිහිපයකම මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. මහල් 31 කින් යුත් SkyGardens , මහල් 48 කින් යුත් Clearpoint Residencies, මහල් 63 කින් යුත් 606 The Address, මහල් 40 කින් යුත් Elements,Fairmount,Raintree Residencies,වාණිජ ව්‍යාපෘති,පාසල් සහ විශ්ව විද්‍යාල,රෝහල්, පරිසර හිතකාමී මෝස්තර සහ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කරන ලද කලා මධ්‍යස්ථාන, පන්සල්, සුඛෝපභෝගී හෝටල් සහ විලාස් සහ ශ්‍රී ලංකාව අවට පාලම් කිහිපයක් මේ ව්‍යාපෘති අතර වේ.