ඒකාබද්ධවීමට පෙර DFCC සහ NDB ගිවිසුමකට එයි

    March, 25, 2014

    මෙරට බැංකු සහ මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ජාතික සංවර්ධන බැංකුව සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීමට පෙර එයට අදාළව බැංකු දෙක විසින් අවබෝධතා ගිවිසුමකට පැමිණ තිබේ.

    මේ අනුව, ඩී.එෆ්.සී.සී බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විසින් එළඹ තිබෙන මෙම අවබෝධතා ගිවිසුමෙන් බැංකු දෙක ඒකාබද්ධ කිරීමේදී තිබෙන අවස්ථාවන් සොයා බැලීම සඳහා එකඟ වී ඇත.

    බැංකු දෙක ඒකාබද්ධ කිරීමේ ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනබව සඳහන්ය.

    මේ අතර, මෙරට ක්‍රියාත්මක විදේශීය බැංකුවල කළාපීය නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග මූල්‍ය අංශයේ ඒකාබද්ධවීම සම්බන්ධයෙන් මහ බැංකුව  පසුගියදා සාකච්ඡා කළ අතර එහිදී එම බැංකු මෙරට ආර්ථික කටයුතු වලට වඩාත් සක්‍රීය ලෙස දායකවීමට පොරොන්දු විය.