ඒෂියා ඇසට් ෆයිනෑන්ස් අළුත් පිම්ම

    July, 18, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සමග ඒකාබද්ධ වෙමින් හිමිකම් නිකුතුවක් මගින් සිය ප්‍රධාන ප්‍රාග්ධනය රුපියල් බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීමට ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගම සූදානම් වේ.

    මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 1.60 ක් වටිනා කොටස් මිලියන 279.7 ක් නිකුත් කිරීමට සූදානම් වන්නේ තිබෙන සෑම සාමාන්‍යය කොටස් දෙකකටම නව සාමාන්‍යය කොටසක් යන අනුපාතයටය.

    මේ අනුව, මෙම හිමිකම් නිකුතුව මගින් සමාගමේ ප්‍රධාන ප්‍රාග්ධනය රුපියල් මිලියන 447.5 කින් ඉහළ යන අතර මේ වනවිට තිබෙන ප්‍රාග්ධනයේ වටිනාකම රුපියල් මිලියන 945.1 කි.

    සපයා ගන්නා නව අරමුදල් සමාගමේ කාර්ය ප්‍රාග්ධනය වෙනුවෙන්ද යොදා ගන්නා බව සඳහන්ය.