ඔන්ලයින් තාක්ෂණයෙන් තවත් කෝප් කමිටු රැස්වීමක්

    January, 22, 2021

    පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) මාර්ගගත ( ඔන්ලයින්) තාක්ෂණය උපයෝගී කර ගනිමින් තවත් කමිටු රැස්වීමක් ඊයේ (21) පැවැත්විය.
    පොල් සංවර්ධන අධිකාරියේ මූල්ය කටයුතු විමර්ශනය සදහා එම අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැදවා තිබිණි. මෙහිදී ප්රාදේශීය කාර්යාලවල නිලධාරීහු ඔන්ලයින් තාක්ෂණය හරහා රැස්වීමට සහභාගී වූහ.
    මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්ය මහින්ද අමරවීර, රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්රමරත්න ,එස් . රාසමානික්කම් සහ ප්රේම්නාත් සී දොලවත්ත යන මහත්වරු සහභාගී වූහ.