ඔබත් දත්ත හොරකමට ලක් වූ මිලියන 57 ක Uber පාරිභෝගිකයන්ගෙන් කෙනෙක් ද?

    November, 23, 2017

    ලොව විශාලතම කුලී රථ සේවා ජාලය වන Uber හි ලියාපදිංචි රියැදුරන් සහ පාරිභෝගිකින් මිලියන 57 කගේ තොරතුරු දත්ත සොරුන් අතට පත්ව ඇති බව Uber සමාගම අනාවරණය කර සිටී.

    2016 වසර තුළ දී Uber සේවා ලබා ගත් පාරිභෝගිකයින්ගේ සහ රියැදුරන්ගේ තොරතුරු මෙලෙස හැකර්වරුන් අතට පත්ව ඇති බව Uber සමාගමේ ප්‍රධානී Dara Khosrowshahi පසුගියදා ප්‍රකාශ කර සිටියේය.

    කෙසේ වෙතත් මේ වන තෙක් සොරා ගැනීමට ලක්වූ දත්ත වෙනත් කටයුත්තක් වෙනුවෙන් යොදා ගෙන නොමැති බවත්, එසේ සොරාගත් තොරතුරු විනාශ කරන ලෙස Uber විසින් හැකර්වරුන්ට ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    Uber සේවාවන් සඳහා ලියාපදිංචි වීමේ දී පාරිභෝගිකයින්ගේ ජීව දත්ත තොරතුරු, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු ආදිය ලබා දිය යුතු මෙන්ම පාරිභෝගිකයින්ගේ ගමන් තොරතුරු වැනි අතිශය පෞද්ගලික තොරතුරු ද මෙයාකාරයෙන් හැකර්වරුන් අතට පත්ව තිබේදැයි යන්න පිළිබඳව මේ දක්වා නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත.

    ලොව පුරා රටවල් 84 ක නගර 737 ක් පුරාවට Uber කුලී රථ සේවාවන් මේ වන විට ක්‍රියාත්මක වේ.