ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

    January, 28, 2019

    දේශීය මෝටර් රථ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතාවන්ට පහසුකම් සැපයීම, නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක් පිහිටුවීම, නූතන දැනුමෙන් සපිරි ඉංජිනේරුවරුන් බිහිකිරීම සහ මෝටර් රථ කර්මාන්තය හා අදාළ පාරිසරික ගැටලු ආශ්‍රිත පර්යේෂණ, සමීක්ෂණ හා සංවර්ධන ධාරිතාවයන් ඉටු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති (powertrain) විද්‍යාගාරයක් ඉදි කිරීමට යෝජනා වී ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා මෘදු ණය යෝජනා ක්‍රමයක් ලෙස අරමුදල් සැපයීමට ඔස්ට්‍රියාවේ Raiffeisen Bank International AG ආයතනය එකඟතාවය පළ කරනු ලැබ ඇත.

    ඒ අනුව මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන එකම ඔස්ට්‍රියානු නිෂ්පාදක හා සැපයුම්කරු වන AVL List GmbH වෙතින් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ලබාගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates