July, 12, 2017
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්ත හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.
ඒ යටතේ “ඖෂධීය තේ බෑග් නිෂ්පාදනය” පිළිබඳ එක් දින වැඩමුළුවක් 2017 ජුලි 20 වන දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා මොරටුව කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේදී ඖෂධීය ශාක පිළිබඳ හැදින්වීම, ඖෂධීය තේ නිෂ්පාදන ක්‍රියාවලිය, දේශීය/විදේශීය වෙළඳපළට ඉදිරිපත් කිරීම සම්බන්ධ ක්‍රියාවලිය, තත්ත්ව සහතික, ඇසුරුම් කිරීම, අවශ්‍ය යන්ත්‍ර පිළිබඳ හැදින්වීම පිළිබඳව දැනුවත් කරනු ඇත.
මෙම වැඩසටහනට සහභාගී විමට කැමැත්තක් දක්වන්නේ නම් 2017 ජූලි 20 හෝ ඊට පෙර අධ්යක්ෂ, තාක්ෂනික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, කටුබැද්ද, මොරටුව. යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ tsdidb@gmail.com ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.
Video Story