ඖෂධ සංස්ථාවේ එකතු වූ ණය පියවන්න මහජන බැංකුවෙන් හා ලංකා බැංකුවෙන් බිලියන 6 බැගින් දීර්ඝ කාලීන ණයක්

    May, 29, 2020

    2019 දෙසැම්බර් 31 වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සමුච්ඡිත ණය ප්‍රමාණය බිලියන 14කට අධික වූ අතර ඒ නිසා ඖෂධ ආනයනය කිරීමේ ගැටලු ඇති වී කිබේ.

    ඒ අනුව, මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් බිලියන 06 බැගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත දීර්ඝ කාලීන ණය මුදලක් ලබා දීමටත් එම ණය මුදල මහාභාණ්ඩාගාරය විසින් නිරවුල් කිරීමටත් කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.