‘කකුළු අමාත්‍යාංශය‘ බැංකොක් නුවරට

    November, 5, 2019

    දර්ශන මුණිදාස, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සුසංයෝගයෙන් ඇරඹි Ministry of Crab අවන්හල් ජාලයේ නවතම ජාත්‍යන්තර ශාඛාව තායිලන්තයේ බැංකොක් නුවර දී එළඹෙන දෙසැම්බරයේ දී විවෘත වීමට නියමිතය.

    කොළඹ, ෂැංහයි, මැනිලා, මුම්බායි හා මාලදිවයිනට පසු Ministry of Crab හි මීළඟ ජාත්‍යන්තර නැවතුම වන්නේ බැංකොක් නුවරයි.

    මේ සම්බන්ධයෙන් බැංකොක් අවන්හලේ සංවිධායකයින් පවසන්නේ කොළඹ දී මෙන්ම කිලෝ ග්‍රෑම් 2 mud crabs හා ග්‍රෑම් 600 tiger prawns මෙහිදී අත්විඳිය හැකි බවයි.

    2015 සිට මේ දක්වා ආසියාවේ හොඳම අවන්හල් 50 අතර සිටින Ministry of Crab, 2019 වසරේ දී එහි 35 වන තැන දක්වා ඉහළට පැමිණ තිබේ.