කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ දියුණුවට ඕස්ට්‍රියානු සහාය

    June, 28, 2017

    කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා 2017 මාර්තු 14 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යුරෝ මිලියන 9.5ක මුදල එරට බැංකුවක් හරහා පොලී රහිත සහනදායී ණයක් වශයෙන් ලබා දීමට ඔස්ට්‍රියානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත.

    ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ඔස්ට්‍රියාවේ රෙයිෆේයිසන් බෑන්ක් ඉන්ටර්නැෂනල් සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අනතුරුව ණය ගිවිසුම්වලට එළඹීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.