කටුනායක ගුවන්තොටුපොළට නව ප්‍රවේශ මාර්ගයක්

    February, 11, 2020

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන හා පිටවන විශාල මගීන් සංඛ්‍යාව හේතුවෙන් කාර්ය බහුල වේලාවන්හිදි ගුවන් තොටුපොළට ප්‍රවේශ වන මාර්ගයේ අධික රථවාහන තදබදයක් පවතින බව නිරීක්ෂණය වී ඇත.
    එබැවින් ගුවන්තොටුපොළට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ආයෝජන මණ්ඩලය හා මිණුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මංතීරු මාර්ග දෙකක් ඇතුළත් වෙනම ගුවන්තොටුපොළ ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
    ඒ අනුව, රුපියල් මිලියන 600ක ඇස්තමේන්තුවකට යටත්ව අදාළ මාර්ගය ඉදි කිරීමටත්, ඒ සඳහා ප්‍රතිපාදන සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙතින් සලසා ගැනීමටත් සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.