කටුනායක ගුවන් තොටුපොළේ ජයිකා පිහිටෙන් දැවැන්ත වැඩක්

    May, 23, 2014

    කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තය මගින් වසරකට හසුරුවන ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක සිට මිලියන 15 ක් දක්වා ඉහළ දැමීම සඳහා ගුවන් පර්යන්තය පුළුල් කිරීම ඇතුළු පහසුකම් නැංවීම සඳහා සැලසුම් කර තිබෙන ව්‍යාපෘතිය මේ නොවැම්බර් මාසයේදී අරඹන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අප සමග සඳහන් කළේය.

    මෙම ව්‍යාපෘතිය සඳහා ජයිකා ණය ආධාර ලැබෙන අතර එයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළට වසරකට හැසිරවිය හැකි ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක් වුවත් පසුගිය වසරේදී මිලියන 07 ක පමණ මගීන් ප්‍රමාණයක් හසුරුවා තිබේ.

    මෙම ව්‍යාපෘතිය 2016 වසර අවසානයේදී නිම කිරීමට සැලසුම් කර තිබුණත් 2015 වසර අවසානයේදී කොටසක් මගීන් සඳහා විවෘත කිරීමට අදහස් කර ඇත.