December, 30, 2025
සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය හා ජපාන රජය අතර එළඹ ඇති සහයෝගිතා ගිවිසුම අනුව, යෙන් මිලියන 1,170ක ජපන් ආධාර මත ‘නිරිත දිග ආසියාවේ රටවල්වලට දේශ සීමා ආශ්‍රිත බෝවන රෝග පාලනය සඳහා පෙර සූදානම’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් ජාත්‍යන්තර භාවිතයන්ට අනුව වැඩිදියුණු කිරීමේ කටයුතු 2023 වර්ෂයේ සිට ආරම්භ කර ඇත.
ඒ යටතේ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් සවි කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර, නුදුරේදීම එකී ගේට්ටු මඟින් මගී නිෂ්කාශන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පැමිණීමේ පර්යන්තයේ සවි කරනු ලැබ ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට සමගාමීව පිටවීමේ පර්යන්තයේ ද ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් සවි කිරීම තුළින් එකම ක්‍රමවේදයක් අනුව වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව මගී නිෂ්කාශන කටයුතු ඉටු කර ගැනීමට හැකියාව පවතී.
ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටවීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් සවි කිරීමේ කටයුතු 2026 වර්ෂය තුළ සිදු කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story