කටුනායක සිට හම්බන්තොට ට අධිවේගයේ ගාස්තු අය කෙරෙන්නේ මෙහෙමයි

    February, 25, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ වීමත් සමඟම, 2020 පෙබරවාරි මස 20 වැනි දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද, කොට්ටාව - මත්තල, ගාස්තු ගෙවිය යුතු දක්ෂිණ ජාතික මහා මාර්ගයේ ගාස්තු සටහන මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

    මෙම ගාස්තු අයකිරීම් රු. 50 සිට රු. 3,150 දක්වා පරාසය තුළ විහිදෙන අතර වාහන කාණ්ඩ 3 ක් යටතේ මෙම ගාස්තු ව්‍යූහය සකස් කර ඇත.

    ඒ අනුව 1 වන වර්ගයට අයත් ඇක්සල 2ක් සහ රෝද 4ක් ඇති වාහන සඳහා ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණයන් රු. 50 සිට රු. 1,000 දක්වා විහිදෙන අතර 2 වන වර්ගයට අයත ඇක්සල 2 ක් සහ රෝද 6ක් ඇති වාහන සඳහා ගෙවිය යුතු ගාස්තු 100 සිට රු. 1,900 දක්වා ව්‍යාප්ත වේ.

    මෙහිදී වැඩිම ගාස්තුව ප්‍රමාණයක් නියම කර ඇත්තේ 3 වන වර්ගයට අයත් ඇක්සල 2කට වැඩි වාහන සඳහා යි. එම ගාස්තු රු. 150 සිට රු. 3,150 දක්වා පරාසයේ විහි දී ඇත.

    ගාස්තු අය කෙරෙන අඩුම දුර වශයෙන් ජා ඇල කෙරවලපිටිය සහ පෑලියගොඩ - කෙරවලපිටිය දැක්වෙන අතර වැඩිම දුර වශයෙන් කටුනායක - හම්බන්තොට පිවිසුම දුර ප්‍රමාණය දක්වා තිබේ.

    අදාළ ගාස්තු සටහන් පහතින් දැක්වේ.