කටුනායක Navigational Services Complex වැඩි දියුණුවට මිලියන 201 ක්

    August, 11, 2017

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් සංතරණ සේවා සංකීර්ණයෙහි (Navigational Services Complex) යෝජිත වැඩිදියුණු කිරීම් යටතේ එහි නව දිගුව ඉදි කිරීම සඳහා වූ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 201.39ක මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.