කම්පැනිවල Profit නැති වුණාම Stock Market වැටෙනවා – කොටස් වෙළෙඳපොළ වැටෙන්න හේතුව ධම්මික කියයි

    March, 21, 2019

    කොටස් වෙළඳපොළේ සමාගම් ලාභ නොලබන්නේ නම්, කොටස් වෙළෙඳපොළේ පරිහානිය පිළිබඳව අමුතුවෙන් කියන්න යමක් නොමැති බව ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය (19) දා කොළඹ පැවති Fireside Chat සංවාදාත්මක සන්ධ්‍යාවේ දී ඔහු මේ බව කියා සිටියේය.

    “Stock Market එකේ කම්පැනිවල Profit නැති වුණාම, Stock Market වැටෙන එක ගැන අහන්න දෙයක් නැහැ. Profit එකත් එක්ක තමයි Stock Market එක තියෙන්නේ. Profit අඩු නම් Stock Market එක අඩුයි, Profit වැඩි නම් Stock Market එක වැඩියි.“

    “හොඳම උදාහරණය බැංකු අංශය. Net assets value (ශුද්ධ වත්කම් අගයයට) එකට වඩා අඩුවෙන් trade වෙන්නේ. හේතුව තියෙන Net assets එකට Treasury bond rate එක එන්නේ නැහැ, Annual rate එක. මොකද 63%ක්ම tax.“